ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ ආධාර සේවකයෙක් මරුට

ගාසා තීරයේ (Gaza) පිහිටි තම මූලස්ථානයට ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල්ල කළ බවට පැලස්තීන රතු අඩ සඳ සංවිධානය (Palestine Red Crescent Society – PRCS) චෝදනා කරන අතර, එම ප්‍රහාරයෙන් එහි සේවකයෙකු මිය ගොස් තවත් තිදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

ඛාන් යුනිස් (Khan Younis) හි දකුණු නගරයේ පිහිටි මෙම මූලස්ථානය වෙත එල්ල වූ ප්‍රහාරය හිතාමතා සිදු කළ එකක් ලෙස විස්තර කරන රතු අඩ සඳ සංවිධානය, තම මූලස්ථානයේ පිහිටීම ඊශ්‍රායල හමුදාවට “හොඳින් දන්නා” බවත්, එය “රතු සංකේතයෙන් පැහැදිලිව සලකුණු කර ඇති” බවත් පවසා ඇත.

ප්‍රකාශයක් නිකුත් කරමින්, ආධාර ආයතනය මියගිය සේවකයා ඔමාර් ඉස්ලීම් (Omar Isleem) ලෙස නම් කළ අතර, ඔහුගේ මරණය ගැන  කම්පා වූ බව පැවසුවා. තවත් සේවකයන් දෙදෙනෙකු සහ ගින්න නිවා දැමීමට උත්සාහ කළ සිවිල් වැසියෙකුට තුවාල සිදුව ඇති බව ද එය සඳහන් කළා.

ඊශ්‍රායලය චෝදනා කරන්නේ, හමාස් (Hamas) සංවිධානය ආධාර මධ්‍යස්ථාන අසල අවුල් සහගත තත්ත්වයක් ඇති කරන බවත්, තම හමුදා හිතාමතාම සිවිල් වැසියන්ට වෙඩි නොතබන බවත්ය.

ගාසා තීරයේ මානුෂීය තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් ඉහළ යමින් තිබියදී මෙම සිදුවීම සිදුව ඇත. එක්සත් ජාතීන්ගේ (United Nations) නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මැයි මස අග සිට ආහාර සොයා ගිය අවම වශයෙන් පැලස්තීනුවන් 1,373ක් මිය ගොස් තිබෙනවා.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top