ඊශ්‍රායලය සමඟ පැවති දින 12ක ගැටුමේදී මියගිය, ඉහළ පෙළේ හමුදා අණදෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු පමණ වෙනුවෙන් ඉරානය රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා තිබේ.
කළු ඇඳුමින් සැරසුණු විශාල ශෝක ජනකායක් සටන් පාඨ කියමින්, ඉරාන ධජ ලෙලවමින් සහ මියගිය අයගේ ඡායාරූප අතැතිව සිටියහ. මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබූ අතර, බලධාරීන් නොමිලේ බස් රථ සහ මෙට්‍රෝ සේවා සපයා තිබුණි.
ඉරානයේ ඉහළම හමුදා නිලධාරියා සහ ඉරාන සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානියා වූ මොහොමඩ් බාකෙරි (Mohammad Bagheri) ද විය. ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඔහුගේ බිරිඳ සහ දියණිය සමඟ බාකෙරි භූමදානය කිරීමට නියමිතව තිබුණි. සමස්තයක් වශයෙන්, ඉරාන බලධාරීන් පැවසුවේ ඉරානයේ පුද්ගලයන් 627 දෙනෙකු මියගිය බවයි. ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ පුද්ගලයන් 28 දෙනෙකු මියගිය බව ඊශ්‍රායල නිලධාරීහු පැවසූහ.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (Islamic Revolutionary Guards) අණදෙන ප්‍රධානියා වන හොසේන් සලාමි (Hossein Salami) සහ ටෙහෙරානයේ අසාද් විශ්ව විද්‍යාලයේ (Azad University) ප්‍රධානියා වන මොහොමඩ් මෙහ්ඩි ටෙහෙරන්චි (Mohammad Mehdi Tehranchi) ඇතුළු න්‍යෂ්ටික විද්‍යාඥයින් කිහිප දෙනෙකු ද අවසන් කටයුතු සඳහා භූමදානය කරන ලදී.
ඉරාන ධජයෙන් ආවරණය කර, මියගිය අණදෙන නිලධාරීන්ගේ ඡායාරූප සහිත මිනී පෙට්ටි ටෙහෙරානයේ එන්ගෙලාබ් චතුරශ්‍රය (Enghelab Square) අසලින් රැස්ව සිටි විශාල ජනකාය අතරින් ගෙන යන ලදී. ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික ස්ථානවලට අමෙරිකාව සෘජුවම බෝම්බ හෙලීමෙන් පසුව, මෙම ගැටුම මේ සතිය මුලදී සටන් විරාමයකින් අවසන් විය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.