ඊශ්‍රායලය සහභාගී වුවහොත්, 2026 යුරෝවිෂන් ගීත තරගයට සහභාගී නොවන බව අයර්ලන්ත විකාශක RTÉ නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් RTÉ පවසා ඇත්තේ, ගාසා තීරයේ සිදුවෙමින් පවතින හා භයානක ජීවිත හානි සැලකිල්ලට ගනිමින්, අයර්ලන්තය තරගයට සහභාගී වීම අසාධාරණ බවයි.
ඊශ්‍රායලය සහභාගී වුවහොත් තම රට ද සහභාගී නොවීමට ඉඩ ඇති බව ස්පාඤ්ඤයේ සංස්කෘතික අමාත්‍ය අර්නස්ට් උර්ටසුන් පවසා තිබේ. අයිස්ලන්තයේ ජාතික විකාශක RÚV හි ස්ටෙෆාන් අයිරික්සන් පවසා ඇත්තේ, ඊශ්‍රායල රාජ්‍ය විකාශක KAN තරගයට සහභාගී වීම හේතුවෙන්, RÚV හි සහභාගීත්වය EBU තුළ සිදුවෙමින් පවතින සාකච්ඡා ක්‍රියාවලියේ ප්‍රතිඵලයට යටත් බවයි.
අයර්ලන්තය මේ දක්වා හත් වතාවක් තරගය ජයග්‍රහණය කර ඇති අතර, අවසන් වරට 1996 වසරේදී ජයග්‍රහණය ලබා ගෙන ඇත.
යුරෝවිෂන් සංවිධායකයින් වන යුරෝපීය විකාශන සංගමය (EBU) ඔවුන්ගේ අවසන් තීරණය ගත් පසු, RTÉ ද අවසන් තීරණයක් ගනු ඇත. ලබන වසරේ තරගය මැයි මාසයේදී වියෙනාහිදී පැවැත්වීමට නියමිතය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.