ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වූ බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය එකඟ වී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ප්‍රකාශ කර තිබෙනවා. එහෙත්, වෛද්‍ය ආරංචි මාර්ග පවසා ඇත්තේ, ගාසා තීරය පුරා සිදු කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 109 දෙනෙකු ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කර ඇති බවයි.

ට්‍රම්ප් සිය Truth Social (ට්‍රූත් සෝෂල්) වෙබ් අඩවියේ සඳහන් කළේ, සටන් විරාම කාලය තුළ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය “සියලු පාර්ශ්වයන් සමඟ” කටයුතු කරන බවත්, හමාස් සංවිධානයට ද මෙම ගිවිසුමට එකඟ වන ලෙසත්ය.

වෛද්‍ය ආරංචි මාර්ගවලට අනුව, භාණ්ඩ බෙදාහැරීමේ මධ්‍යස්ථානවලදී ඊශ්‍රායල පහර දීමෙන් කුසගින්නෙන් පෙළුණු ආධාර අපේක්ෂකයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම මධ්‍යස්ථාන මතභේදාත්මක එක්සත් ජනපද හා ඊශ්‍රායල සහාය ලබන ගාසා මානුෂීය පදනම (Gaza Humanitarian Foundation – GHF) විසින් පවත්වාගෙන යනු ලබයි. ඊශ්‍රායල අවහිරතා මධ්‍යයේ, GHF විසින් මැයි අග භාගයේදී ගාසා තීරයට සීමිත ආධාර බෙදාහැරීම් භාරගත් දා සිට මෙම ස්ථානවල දිනපතා සිදුවන ඝාතන රැල්ලේ නවතම ගොදුරු බවට මොවුන් පත්ව තිබෙනවා.

ප්‍රධාන ජාත්‍යන්තර පුණ්‍යායතන සහ රාජ්‍ය නොවන සංවිධාන 170කට අධික සංඛ්‍යාවක් GHF වහාම අවසන් කරන ලෙස ඉල්ලා සිටින අතර, මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ එය ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top