ගාසා නගරයේදී (Gaza City) මාධ්‍යවේදීන්ගේ කූඩාරමකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් (Israeli attack) අල් ජසීරා (Al Jazeera) මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් (Anas al-Sharif) සහ ඔහුගේ සගයන් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉරිදා (අගෝස්තු 10) සවස ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ (al-Shifa Hospital) ප්‍රධාන දොරටුවෙන් පිටත පිහිටි කූඩාරමකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සමස්තයක් ලෙස පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇත. මියගිය අය අතර අල් ජසීරා වාර්තාකරු මොහොමඩ් ක්ව්රේකේ (Mohammed Qreiqeh) සහ කැමරා ශිල්පීන් වන ඊබ්‍රහිම් සහෙර් (Ibrahim Zaher), මොහොමඩ් නෝෆල් (Mohammed Noufal) සහ මොආමෙන් අලිවා (Moamen Aliwa) ද වේ.
උතුරු ගාසා තීරයෙන් බහුලව වාර්තා කළ, 28 හැවිරිදි ජනප්‍රිය අල් ජසීරා අරාබි (Al Jazeera Arabic) වාර්තාකරු වූ අල්-ෂරීෆ් මිය යාමට මොහොතකට පෙර X සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට ෆයර් බෙල්ට් (fire belts) ලෙස හඳුන්වන සංකේන්ද්‍රිත බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.