ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ, මධ්‍යම ගාසා තීරයේ ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාර හේතුවෙන් එහි පහසුකම් වලට හානි වී ඇති අතර, එය සිය මෙහෙයුම් කටයුතු කරගෙන යාමේ උත්සාහයන්ට බාධා කර ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ආයතනය ඊශ්‍රායල හමුදාවන්ට චෝදනා කළේ, ඩෙයිර් අල්-බාලා (Deir al-Balah) නගරයේ පිහිටි කාර්ය මණ්ඩල නිවාසයකට පහර දී ඇති බවත්, එහි රැකවරණය ලබා සිටි අයට හිංසා පීඩා කර ඇති බවත්ය. එහි ප්‍රධාන ගබඩාවට ද ප්‍රහාර එල්ල කර විනාශ කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, නිවාසය වැටලීමේදී හමුදා විසින් අත්අඩංගුවට ගත් එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තවමත් රඳවාගෙන සිටින බවත්, ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටින බවයි. ඊශ්‍රායල හමුදාව පැවසුවේ, එම ප්‍රදේශයේ ත්‍රස්තවාදයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන්ගෙන් බහුතරයක් නිදහස් කළ බවත්ය.
යුද්ධය ආරම්භ වූ දා සිට ඩෙයිර් අල්-බාලා හි ඊශ්‍රායලය සිදුකළ ප්‍රධාන ගොඩබිම් මෙහෙයුම හේතුවෙන් දස දහස් ගණනක් සිවිල් වැසියන් අවතැන් වී ඇති අතර, දැඩි සාගත අර්බුදයක් පිළිබඳව අනතුරු ඇඟවීම්ද නිකුත් වී තිබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.