ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතිය මේ වන විට පෙර නොවූ විරූ අභියෝගයකට මුහුණ දී සිටී. සිකුරාදා රාත්‍රියේ සිට ඉරානය විසින් ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල සිය ගණනක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාර රැල්ල පසුගිය සිකුරාදා ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස සිදු වී ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) ප්‍රකාශ කර සිටින්නේ ඉරානය සිකුරාදා රාත්‍රියේ බැලස්ටික් මිසයිල 200ක් පමණ ද, සෙනසුරාදා සවස 70ක් පමණ ද දියත් කර ඇති බවයි. තවදුරටත් ඉරිදා සහ සඳුදා ද ප්‍රහාර එල්ල වී ඇත. ඊශ්‍රායල රජය පවසන පරිදි, ටෙහෙරානය විසින් මුළු බැලස්ටික් මිසයිල 370ක් ඊශ්‍රායලය දෙසට එල්ල කර ඇති අතර, ඉන් 30ක් පමණ රට තුළ ඉලක්ක වෙත පතිත වී තිබේ. මෙම ප්‍රහාරවලින් අවාසනාවන්ත ලෙස 24 දෙනෙකු මිය ගොස් ඇති අතර, 600කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
කෙසේ වෙතත්, බැලස්ටික් මිසයිලවලට අමතරව, ඉරානය විසින් ඩ්‍රෝන යානා සිය ගණනක් ද දියත් කර ඇති අතර, ඒවා ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධති මගින් වඩාත් පහසුවෙන් අල්ලා ගැනීමට හැකි වී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු Bloomberg අනුග්‍රහයෙනි