ගාසා තීරයේ සිවිල් වැසියන් දහස් ගණනින් මිය යෑම හේතුවෙන්, රටවල් 25කට වැඩි ප්‍රමාණයක් ගාසා යුද්ධය වහාම අවසන් කරන ලෙස ඉල්ලා තිබෙනවා. මෙය ඊශ්‍රායලයේ ජාත්‍යන්තර හුදකලා වීම තීව්‍ර වීමත් සමඟ මිත්‍ර රටවල් සිය ස්ථාවරය දැඩි කර ඇති බව පෙන්නුම් කරයි.
මාස 21කට අධික කාලයක් පැවති සටන් හේතුවෙන් ගාසා තීරයේ මිලියන දෙකකට අධික වැසියන්ට දරුණු මානුෂීය තත්වයන් ඇති වී තිබේ. ඊශ්‍රායලයේ මිත්‍ර පාක්ෂිකයන් වන එක්සත් රාජධානිය (UK), ප්‍රංශය (France), ඕස්ට්‍රේලියාව (Australia), කැනඩාව (Canada) සහ තවත් රටවල් 21ක් මෙන්ම යුරෝපා සංගමය (European Union) ද ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම යුද්ධය “වහාම අවසන් කළ යුතු” බවයි. එම රටවල් වැඩිදුරටත් කියා ඇත්තේ, සාකච්ඡා මගින් සටන් විරාමයක්, පලස්තීන සටන්කරුවන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ අත්‍යවශ්‍ය ආධාර ලබා දීම ද සිදුකල යුතු බවයි.
ඔවුන් ආධාර බිඳින් බිඳ ලබා දීම සහ ජලය හා ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ කළ ළමුන් ඇතුළු සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කිරීම හෙළා දැක ඇත. සමස්තයක් වශයෙන්, මෙම ප්‍රකාශයට ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව (Austria), බෙල්ජියම (Belgium), කැනඩාව, ඩෙන්මාර්කය (Denmark), එස්තෝනියාව (Estonia), ෆින්ලන්තය (Finland), ප්‍රංශය, අයිස්ලන්තය (Iceland), අයර්ලන්තය (Ireland), ඉතාලිය (Italy), ජපානය (Japan), ලැට්වියාව (Latvia), ලිතුවේනියාව (Lithuania), ලක්සම්බර්ග් (Luxembourg), නෙදර්ලන්තය (The Netherlands), නවසීලන්තය (New Zealand), නෝර්වේ (Norway), පෝලන්තය (Poland), පෘතුගාලය (Portugal), ස්ලෝවේනියාව (Slovenia), ස්පාඤ්ඤය (Spain), ස්වීඩනය (Sweden), ස්විට්සර්ලන්තය (Switzerland) සහ එක්සත් රාජධානියේ විදේශ අමාත්‍යවරුන් අත්සන් තබා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.