ඉරානය න්‍යෂ්ටික ගිවිසුම් නීති කඩ කළ බවට චෝදනා
ෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානයේ පාලක මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සිය න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලව කටයුතු නොකරන බවයි. ඔවුන් මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ වසර 20කට පසුව පළමු වතාවට වීම විශේෂත්වයකි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) රටවල් 35න්, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ඉරානය සිය රහස් න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඒ සදහා නිසි ලෙස සහයෝගය නොදක්වන බවත් සදහන් කර ඇති අතර ඒ සහාය පළ කරමින් රටවල් 19ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව සදහන් වේ.
කෙසේ වෙතත්, මෙම තීරණය ප්‍රතික්ෂේප කළ ඉරානය එය දේශපාලනික එකක් බවට චෝදනා කළේය. එපමණක් නොව, නව යුරේනියම් නිපදවීමේ පහසුකමක් ඉදිකිරීමට ද සැලසුම් කරන බව ඉරානය නිවේදනය කළේය.
IAEA ආයතනය මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව, ඉරානය සතුව මේ වන විට 60%ක පිරිසිදු යුරේනියම් ප්‍රමාණයක් ඇත. මෙය න්‍යෂ්ටික අවි සඳහා අවශ්‍ය මට්ටමට ආසන්න වන අතර, න්‍යෂ්ටික බෝම්බ නවයක් තැනීමට ප්‍රමාණවත් විය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත් ඉරානය අවධාරණය කරන්නේ සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා බවත්, න්‍යෂ්ටික අවි තැනීමට උත්සාහ නොකරන බවත්ය.
BBC වාර්තාකරයි