ඉරානයේ න්‍යෂ්ටික කඳවුරුවලට දැඩි හානි! – CIA අධ්‍යක්ෂක

එක්සත් ජනපද ප්‍රහාර හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට “දරුණු හානි” සිදුව ඇති බව CIA අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් (John Ratcliffe) ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය, පෙන්ටගන් බුද්ධි අංශ වාර්තාවකට කෙළින්ම පටහැනි වේ.

එක්සත් ජනපද ඔත්තු බැලීමේ ඒජන්සියේ අධ්‍යක්ෂ රැට්ක්ලිෆ් කියා සිටියේ ප්‍රධාන ස්ථාන විනාශ කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවට ඔහු ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

මෙම ප්‍රකාශය සිදු වූයේ, අමෙරිකානු බෝම්බ හෙලීමෙන් පසුව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ මූලික කොටස් නොවෙනස්ව පවතින බවට පෙන්ටගන් බුද්ධි අංශයේ මූලික තක්සේරුවකින් දිනකට පසුවය. ට්‍රම්ප් ජනාධිපතිවරයා දිගින් දිගටම කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර “සම්පූර්ණයෙන්ම විනාශ වූ” බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top