ඉරානයේ කෝම් නගරය අසල පිහිටි නිවාස සංකීර්ණයක පිපිරීමක්; 7 දෙනෙකුට තුවාල

ඉරානයේ කෝම් (Qom) නගරය ආසන්නයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන පුවත් මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

ඉරානයේ SNN පුවත් ජාලය කෝම් හදිසි සේවා ප්‍රධානී ආචාර්ය මොහොමඩ් ජාවඩ් බාගේරි (Dr. Mohammad Javad Bagheri) උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, මෙම පිපිරීමෙන් පසු තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා නසීම් පර්ඩිසන් (Nasim Pardisan) නේවාසික සංකීර්ණයට හදිසි වාහන පහක් පමණ යවා ඇති බවයි. රාජ්‍යයට අනුබද්ධ ෆාර්ස් පුවත් ඒජන්සිය (Fars News Agency) පවසා ඇත්තේ, මෙම පිපිරීම සංකීර්ණයේ එක් ගොඩනැගිල්ලක සිදු වූ අතර, නේවාසික ඒකක හතරකට හානි සිදු වූ බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top