ඉරානයට ඇමරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා යළි ඇරඹීමට වැඩි කාලයක්?

ඉරානයට ඇමරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා යළි ඇරඹීමට වැඩි කාලයක්?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සතිය මුලදී ඉරානය සමඟ සාකච්ඡා නැවත ආරම්භ කළ හැකි බව පැවසුවද, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාඝ්චි (Abbas Araghchi) ප්‍රකාශ කළේ, ටෙහෙරානයට එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට “වැඩි කාලයක්” අවශ්‍ය බවයි.

අරාඝ්චි මෙම අදහස් ප්‍රකාශ කළේ G7 විදේශ අමාත්‍යවරුන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීම සඳහා ගිවිසුමක් පිළිබඳ සංවාදයක් ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුවයි. ඉරානය සහ එක්සත් ජනපදය ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී, ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික හා මිලිටරි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන ලදී. පසුව, ජූනි 21 වන දින ෆෝර්ඩෝ (Fordow), නටන්ස් (Natanz) සහ ඉස්ෆහාන් (Isfahan) යන ස්ථානවලට බෝම්බ හෙලීමෙන් එක්සත් ජනපදය ද ඊශ්‍රායලයේ ප්‍රහාරවලට එක් විය.

ටෙහෙරානය සිය වැඩසටහන සාමකාමී බව අවධාරණය කරන නමුත්, ඉරානයට න්‍යෂ්ටික අවියක් තැනීමට නොහැකි වන බවට සහතික වීමට අවශ්‍ය බව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පවසනවා.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top