ඉන්දු දියවර ගිවිසුම යළි පිහිටුවන්නේ නැහැ – ඉන්දියාවෙන් දැඩි ස්ථාවරයක්!

අසල්වැසි පාකිස්තානය සමඟ ඇති 1960 ඉන්දු දියවර ගිවිසුම (Indus Waters Treaty) කිසිදාක යළි පිහිටුවන්නේ නැති බව ඉන්දියාව ප්‍රකාශ කර ඇති අතර, එම ගිවිසුම යටතේ පාකිස්තානයට ගලා ගිය ජලය අභ්‍යන්තර භාවිතය සඳහා හරවා ගන්නා බවද එරට ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර සිටී.

අප්‍රේල් මාසයේදී ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරයේ පුද්ගලයන් 26 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු, ඉන්දියාව විසින් මෙය පාකිස්තානයේ සහය ලත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැඳින්වූ අතර, ඉන්දු ගංගා පද්ධතියේ භාවිතය පාලනය කරන 1960 ගිවිසුමේ සිය සහභාගීත්වයඅත්හිටුවීමටපියවර ගත්තේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානය සම්බන්ධයක් නොමැති බව ප්‍රතික්ෂේප කළ අතර, එය න්‍යෂ්ටික බලවතුන් දෙක අතර දින ගණනාවක් පැවති සටන්වලට තුඩු දුන්නේය. මෙය දශක ගණනාවක් තුළ ඔවුන්ගේ දරුණුතම හමුදාමය උත්සන්නවීම වූ අතර, ඔවුන්ව තවත් යුද්ධයකට ගෙන ආවේය.

පසුගිය මාසයේ දෙරට අතර සටන් විරාමයක් එකඟ වූවද, ඉන්දියාවෙන් ආරම්භ වන ගංගා තුනක් හරහා පාකිස්තානයේ ගොවිබිම්වලින් සියයට 80කට ජල ප්‍රවේශය සහතික කළ මෙම ගිවිසුම යළි පිහිටුවන්නේ නැති බව ෂා ප්‍රකාශ කළේය. “එය කිසිදාක යළි පිහිටුවන්නේ නැහැයනුවෙන් ෂා සෙනසුරාදා දින ටයිම්ස් ඔෆ් ඉන්දියාපුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී පැහැදිලිවම කියා සිටියේය.

වයඹදිග ඉන්දීය කාන්තාර ප්‍රාන්තය ගැන සඳහන් කරමින් ඔහු තවදුරටත් කියා සිටියේ, “පාකිස්තානයට ගලා ගිය ජලය ඇළ මාර්ගයක් ඉදිකර රාජස්ථාන් වෙත හරවා ගන්නවා. පාකිස්තානයට මේ වන තෙක් අසාධාරණ ලෙස ලැබුණු ජලය අහිමි වේවියනුවෙනි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top