නීති සම්පාදකයින් සඳහා ලබා දී ඇති මූල්‍ය වරප්‍රසාද ඉවත් කරන ලෙස ඉල්ලා සිටින විරෝධතාකරුවන් සහ කලාපීය පොලිසිය අතර ඉන්දුනීසියාවේදී (Indonesia) ප්රචණ්ඩ ගැටුම් ඇතිවී තිබෙන බව වාර්තා වේ. සාමාන්‍ය ජනතාවට අඩු වැටුප් ගෙවීම මෙම උණුසුම් තත්ත්වයට හේතුවයි.
පසුගිය සතියේ පැවති විරෝධතාවක් අතරතුර සන්නද්ධ පොලිස් වාහනයක් විසින් ආහාර බෙදා හැරීමේ යතුරුපැදි රියදුරෙකු (delivery rider) තලා දමන බවට චෝදනා කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වීමත් සමඟ රට පුරා දැඩි ආතතියක් හට ගෙන ඇත. මෙම සිදුවීමෙන් පසු ඇති වූ විරෝධතාවලදී ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ සභා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ද ප්‍රාදේශීය නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
ජකර්තා (Jakarta) අගනුවර ඇතුළුව ඉන්දුනීසියානු දූපත් සමූහයේ විවිධ ප්‍රදේශවල සති අන්තයේ විරෝධතාකරුවන් නැවත රැස් වී, සිය ගණනක් සිසුන් සහ “ojek” යතුරුපැදි කුලී රථ රියදුරන් ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයක් වන බාලි (Bali) හි පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී ඇත. දින කිහිපයක් සඳහා TikTok සිය සජීවී විකාශන විශේෂාංගය තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.
මෙම විරෝධතා, ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්ටෝගේ (Prabowo Subianto) ධුර කාලය තුළ සිදු වූ විශාලතම සහ වඩාත්ම ප්රචණ්ඩ විරෝධතා වන අතර, එය ඔහුගේ පාලනයට ප්‍රධාන අභියෝගයක් වී තිබෙන වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.