ඉන්දුනීසියාවේ (Indonesia) නගරයක නොමිලේ පාසල් දිවා ආහාර (free school lunches) ගැනීමෙන් පසු පුද්ගලයන් 365 දෙනෙකු පමණ රෝගාතුර වී තිබෙනවා. මෙය ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්ටෝගේ (Prabowo Subianto) නොමිලේ දිවා ආහාර වැඩසටහනට බලපෑ විශාලතම ආහාර විෂවීමේ සිද්ධියයි.
ආහාර සාම්පල දූෂණය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම ජාවාහි (central Java) ස්රාගෙන් (Sragen) හි දිවා ආහාර වැඩසටහන තාවකාලිකව අත්හිටුවා ඇති බව දේශීය බලධාරීහු පවසති.
ආසන්න වශයෙන් ඩොලර් බිලියන 28ක් (පවුම් බිලියන 21ක්) වැය වන මෙම වැඩසටහන, රටේ කුරු වීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කරයි. නමුත් මෙම වැඩසටහන ආහාර විෂවීමේ සිද්ධීන් රැසකින් මෙන්ම, එහි අධික පිරිවැය හේතුවෙන් රජයේ මුදල්වලට විශාල පීඩනයක් ඇති කරන බවට ද විවේචනවලට ලක්ව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යාංශ කිහිපයකම අයවැය කපා හැරීමට සිදු වී ඇත.
මෙම සිදුවීමට හේතුව ලෙස සැක කරන්නේ, කහ බත්, බිත්තර, බැදපු ටෙම්පේ, පිපිඤ්ඤා සලාද සහ කිරි පෙට්ටියක් ඇතුළත් දිවා ආහාරයයි. මේවා මධ්‍යම කුස්සියක සකස් කර නගරයේ පාසල් කිහිපයකට බෙදා දී ඇත. ඒ හේතුවෙන් සිදු වූ ඕනෑම වෛද්‍ය වියදමක් දැරීමට රජය එකඟ වී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.