ඉන්දුනීසියානු යාත්‍රාවක ගින්නකින් තිදෙනෙකු මරුට; 500කට අධික පිරිසක් යාත්‍රාවෙන් පැන දිවි බේරා ගනී

ඉන්දුනීසියාවේ සුලවේසි (Sulawesi) දූපතට ඔබ්බෙන් වූ යාත්‍රාවක ගින්නක් හට ගැනීමෙන් තිදෙනෙකු මියගොස් ඇති අතර, 500කට අධික පිරිසක් බේරාගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දුනීසියානු වෙරළාරක්ෂක බලකාය පැවසුවේ, ඉරිදා (ජූලි 20) ගින්නක් හට ගැනීමෙන් පසු උතුරු සුලවේසි (North Sulawesi) පළාතේ අගනුවර වන මනාඩෝ (Manado) නගරය බලා ටලාවුඩ් දූපත් (Talaud Islands) දිස්ත්‍රික්කයේ මෙලොන්ගුවානේ (Melonguane) වරායේ සිට යාත්‍රා කරමින් තිබූ KM Barcelona 5 යාත්‍රාවේ සිටි මගීන් මුහුදට පැන ඇති බවයි.

ඉන්දුනීසියානු බලධාරීන් මුලින් වාර්තා කළේ, මෙම අනතුරින් පස් දෙනෙකු මියගිය බවයි. නමුත් පසුව මරණ සංඛ්‍යාව තිදෙනෙකු දක්වා සංශෝධනය කරන ලදී. ඒ, මුලින් මියගිය අය ලෙස වාර්තා වූ මගීන් දෙදෙනෙකු රෝහලකදී බේරා ගැනීමෙන් පසුවයි. මෙයට පෙනහළු මුහුදු ජලයෙන් පිරී තිබූ මාස දෙකක් වයසැති බිළිඳෙකු ද ඇතුළත් වේ.

යාත්‍රාවේ සිටි අවම වශයෙන් 568 දෙනෙකු බේරාගෙන ඇති බව, ජාතික සෙවීම් හා මුදාගැනීමේ ඒජන්සිය සඳුදා (ජූලි 21) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. වෙරළාරක්ෂක නෞකාවක්, මුදාගැනීමේ යාත්‍රා හයක් සහ කුඩා රබර් බෝට්ටු කිහිපයක් මුදාගැනීමේ මෙහෙයුම සඳහා යොදවා තිබූ බව, මනාඩෝ නාවික කඳවුරේ ප්‍රධානී ෆ්‍රැන්කි පසූනා සිහොම්බිං (Franky Pasuna Sihombing) ප්‍රකාශ කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top