ඉන්දියා-චීන සබඳතා වැඩිදියුණු කිරීමට කැපවන බව මෝදි, ෂී ජින්පිං හමුවේ පවසයි

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (Narendra Modi) චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) හට පවසා ඇත්තේ, ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට තමා කැපවී සිටින බවයි. මෙම ප්‍රකාශය, එක්සත් ජනපදය විසින් ඉන්දියානු භාණ්ඩවලට දැඩි තීරුබදු පැනවීමෙන් දින පහකට පසුව සිදු වීම විශේෂත්වයක් වේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සහභාගී වීම සඳහා වසර හතකට පසු ප්‍රථම වතාවට චීනයට ගොස් සිටින මෝදි, ටියැන්ජින් හිදී පැවති සමුළුවේදී “අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ සංවේදීතාව මත පදනම්ව අපගේ සබඳතා ප්‍රගතිය කරා ගෙන යාමට අප කැපවී සිටිනවා” යනුවෙන් ෂී ජින්පිං හට පවසා ඇත.

ෂී ජින්පිංද ඉන්දියාව සමඟ දේශසීමා ගැටුම් විසඳා ගැනීමට සහ සහයෝගීතාව ඉහළ නැංවීමට පොරොන්දු වි ඇත. දෙපාර්ශවයම “දේශසීමා ප්‍රශ්නය සමස්ත චීන-ඉන්දියානු සබඳතාව නිර්වචනය කිරීමට ඉඩ නොදිය යුතු” බවත්, ආර්ථික සංවර්ධනය ඔවුන්ගේ ප්‍රධාන අවධානය විය යුතු බවත් ඔහු පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top