ඉන්දියාව Agni-V මිසයිලය සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව විසින් අග්නි-V (Agni-V) නම් මධ්‍යම දුර බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කර ඇත. මෙම අත්හදා බැලීම ඉන්දියාවේ නැගෙනහිර බෙංගාල බොක්ක වෙරළ තීරයේ ඔඩිෂා (Odisha) ප්‍රාන්තයේ සිට සිදු කරන ලදී.

සංස්කෘත භාෂාවෙන් “ගින්න” යන අරුත ඇති Agni-V මිසයිලය මීටර 17.5ක් දිග වන අතර, කිලෝග්‍රෑම් 50,000ක් බරින් යුක්තය. එයට කිලෝග්‍රෑම් 1,000කට වැඩි න්‍යෂ්ටික හෝ සාම්ප්‍රදායික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි බව සඳහන් වේ. පැයකට කිලෝමීටර 30,000ක් පමණ වන අධිවේගී වේගයකින් කිලෝමීටර 5,000කට වඩා දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලය, ලොව වේගවත්ම බැලස්ටික් මිසයිල අතර වේ.

මිසයිල අත්හදා බැලීම සිදු වී ඇත්තේ, පකිස්ථානය නව රොකට් බලකා විධානයක් (ARFC) පිහිටුවන බව නිවේදනය කිරීමෙන් සතියකට පසුවයි. විශේෂඥයන් පවසන්නේ, මෙය ඉන්දියාවට එරෙහිව සිය ආරක්ෂක හිඩැස් පිරවීමට පකිස්ථානය ගත් පියවරක් බවයි.

කෙසේ වෙතත්, නවතම ඉන්දියානු මිසයිල අත්හදා බැලීම, පකිස්ථානයට වඩා, චීනයට පණිවිඩයක් යැවීමක් විය හැකි බව විශේෂඥයෝ පවසති. Agni-V හි පරාසය තුළ ආසියාවේ බොහෝ ප්‍රදේශ සහ චීනයේ උතුරු ප්‍රදේශද, යුරෝපයේ කොටස් ද ඇතුළත් වේ. මෙය 2012 වසරෙන් පසු මිසයිලයේ 10 වන අත්හදා බැලීම වන අතර, එහි කාලය ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පවසති.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top