උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් (Uttarakhand) ප්‍රාන්තයේ ප්‍රසිද්ධ හින්දු කෝවිලක විශාල පිරිසක් රැස්ව සිටියදී ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයන් හය දෙනෙකු මියගොස්, තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.
හරිද්වාර් (Haridwar) නගරයේ මන්සා දේවි කෝවිලේදී (Mansa Devi Temple) මෙම සිද්ධිය ඉරිදා (ජූලි 27) දින සිදුව ඇත්තේ, අධි වෝල්ටීයතා විදුලි රැහැනක් කෝවිල් මාර්ගයකට කඩා වැටීමෙන් බැතිමතුන් අතර භීතියක් ඇතිවීම හේතුවෙන්. “කම්බිය කඩා වැටීම දැකීමෙන් ක්ෂණිකව භීතියක් ඇති වූ අතර, පැන යාමට දැඩි උත්සාහයක් දැරීමෙන් තෙරපීමක් ඇති විය,” ප්‍රාදේශීය පොලිස් නිලධාරී රිතේෂ් සාහා (Ritesh Saha) The Times of India පුවත්පතට පවසා ඇත.
එක් පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති අතර, අනෙක් අය පසුව ඇති වූ තෙරපීමෙන් මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. තුවාල ලැබූ 35 දෙනෙකුට ආසන්න පිරිසක් අසල පිහිටි රෝහලකට මාරු කර ඇති බව නිලධාරීන් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.