ඉන්දියාවේ සිරවූ බ්‍රිතාන්‍ය F-35 ජෙට් යානය අලුත්වැඩියාව සඳහා නැවත බ්‍රිතාන්‍යට

අයහපත් කාලගුණය හේතුවෙන් එක්සත් රාජධානියේ HMS Prince of Wales ගුවන් යානා ප්‍රවාහන නෞකාව වෙත ආපසු යාමට නොහැකිවීමෙන් පසුව ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩබස්වා ඇත.

පසුව මෙහි කාර්මික දෝෂයක්ද ඇතිවී ඇති අතර බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් තීරණය කර ඇත්තේ, මෙම ගුවන් යානය ඉන්දියාවේදී අලුත්වැඩියා කළ නොහැකි බවයි.

ඒ වෙනුවට, ඔවුන් ජෙට් යානය ගලවා, අලුත්වැඩියා කටයුතු සඳහා නැවත එක්සත් රාජධානියට ගෙන යාමට සූදානම් වන අතර මේ කාර්යය සඳහා විශාල බ්‍රිතාන්‍ය ගුවන් යානයක් සහ විශේෂ මෙවලම් සහිත කණ්ඩායමක් ඉන්දියාවට පැමිණෙනු ඇති බවට වාර්තාවේ.

යානය ගාල් කිරීමේ සහ ගුවන් යානා අංගන ගාස්තු ඉන්දියාවට ගෙවීමට එක්සත් රාජධානිය එකඟ වී තිබේ. බ්‍රිතාන්‍ය කණ්ඩායම පැමිණෙන තෙක් F-35 යානය ගුවන් තොටුපළේ නවතා තැබෙන අතර, පසුව එය අලුත්වැඩියා කටයුතු සඳහා ගුවන් යානා අංගනයකට ගෙන යනු ඇත. මෙම පියවර මගින් ගුවන් තොටුපළේ අනෙකුත් ගුවන් යානා මෙහෙයුම්වලට බාධා ඇතිවීම වළක්වනු ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු WION ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top