ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාගේ පුතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක් ගැන විමර්ශනයක්

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ (Mukesh Ambani) පුතා වන අනන්ත් අම්බානිට (Anant Ambani) අයත් විශාල පෞද්ගලික සත්වෝද්‍යානයක් පිළිබඳව විමර්ශනයක් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය (Supreme Court) නියෝග කර තිබෙනවා.

මෙම සත්වෝද්‍යානයට සතුන් නීති විරෝධී ලෙස ලබා ගැනීම සහ ඔවුන්ට හිංසා කිරීම පිළිබඳ චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත. ‘වන්තාරා’ (Vantara) ලෙස හඳුන්වන මෙම සත්වෝද්‍යානය අක්කර 3,500ක් පුරා පැතිරී ඇති අතර, අලි ඇතුන්, කොටින් සහ වෙනත් සතුන් සිය ගණනකට වාසස්ථානයක් වී ඇත. මෙය ලොව විශාලතම වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානය ලෙස හඳුන්වා ගනියි.

මෙම විමර්ශනයේදී වන්තරා හි වනජීවී නීති උල්ලංඝනය කිරීම්, මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ (money laundering) චෝදනා ද විමසා බැලීමට නියමිතයි. ‘වන්තාරා’ ආයතනය විමර්ශනයට පූර්ණ සහයෝගය දෙන බවට පොරොන්දු වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ, චෝදනාවලට සහාය දැක්වීමට සාක්ෂි නොමැති වුවද, බලධාරීන් තම රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී ඇති බැවින් විමර්ශනයක් කරන ලෙස නියෝග කළ බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top