ඉන්දියාවේ ගුජරාටයේ පාලමක් කඩා වැටී 9ක් මරුට: තවත් පිරිසක් අතුරුදන්!

ඉන්දියාවේ බටහිර ගුජරාට් (Gujarat) ප්‍රාන්තයේ ගඟක් හරහා ඉදිකර තිබූ පාලමක් බදාදා (ජූලි 09) කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් නව දෙනෙකු මියගොස් ඇති බව, පොලිස් නිලධාරීන් උපුටා දක්වමින් ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා (Press Trust of India) පුවත් සේවය වාර්තා කර තිබෙනවා. මෙම අනතුරින් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව ද වාර්තා වේ.

ගුජරාට් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය රිෂිකේෂ් පටෙල් (Rushikesh Patel) පැවසුවේ, පාලමේ කොටසක් කඩා වැටෙන අවස්ථාවේදී වාහන කිහිපයක් ඒ මත තිබූ බවත්, එමගින් බොහෝ දෙනෙක් ගඟට වැටී ඇති බවත්ය. අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු බේරාගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලධාරීන් විසින් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගංවතුර තත්ත්වයක් හෝ අධික බරක් හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත්දැයි සොයා බැලීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් ප්‍රදේශය පුරා මහත් කම්පනයක් ඇති වී තිබෙනවා.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top