ඉන්දියාවෙන් සෝමාලියාවට ටොන් 10ක මානුෂීය ආධාර!

අභ්‍යන්තර ගැටුම්, දේශගුණික කම්පන සහ පුළුල් ආර්ථික දුෂ්කරතා සමඟ අඛණ්ඩව පොරබදමින් සිටින අර්බුදයෙන් පීඩාවට පත් අප්‍රිකානු ජාතියක් වන සෝමාලියාව (Somalia) සමඟ එක්සත්ව, ඉන්දියාව (India) ටොන් 10ක මානුෂීය ආධාර තොගයක් එරටට යවා තිබෙන බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) X (ට්විටර්) හි පළකළ සටහනක් මගින් මෙම ආධාර නැව්ගත කිරීම නිවේදනය කර ඇති අතර, ආධාරවලට අවශ්‍ය වෛද්‍ය සැපයුම් රාශියක් ඇතුළත් බව සඳහන් කර ඇත. “ඉන්දියාවේ මානුෂීය ආධාර සෝමාලියානු ජනතාවට අඛණ්ඩව ලැබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ, ශල්‍යකර්ම උපකරණ, රෝහල් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ජෛව වෛද්‍ය උපකරණ ඇතුළත් ටොන් 10ක මානුෂීය ආධාර තොගයක් සෝමාලියාව බලා පිටත් වී තිබෙනවා” යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top