යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවට පීඩනය යෙදීමේ සිය උත්සාහයේ කොටසක් ලෙස, ඉන්දියාවට සහ චීනයට 100%ක තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයට බල කර ඇති බව ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
වාර්තාවලට අනුව, ට්‍රම්ප් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඇමරිකානු සහ යුරෝපා සංගම් නිලධාරීන්ගේ රැස්වීමකට දුරකථනයෙන් සම්බන්ධ වෙමිනි. යුරෝපීය රටවල් ද ඊට එකඟ වන්නේ නම්, රුසියානු තෙල් මිලදී ගන්නා ප්‍රධාන රටවල් දෙකක් වන චීනයට සහ ඉන්දියාවට තවත් දැඩි තීරු බදු පැනවීමට තමා සූදානම් බව ට්‍රම්ප් පවසා ඇත.
පසුගිය මාසයේ ට්‍රම්ප් ඉන්දීය ආනයන සඳහා වූ තීරුබදු අනුපාතය 50% දක්වා ඉහළ නැංවූයේ, එම ආසියානු දැවැන්තයා විසින් රුසියානු තෙල් දිගින් දිගටම මිලදී ගැනීම උපුටා දක්වමිනි. ට්‍රම්ප් සමාජ මාධ්‍ය කියා සිටියේ, වෙළඳ බාධක සම්බන්ධයෙන් වොෂින්ටනය සහ නවදිල්ලිය අතර සාකච්ඡා දිගටම පවතින බවත්, ඉදිරි සතිවලදී ඔහුගේ ඉතා හොඳ මිත්‍රයෙකු වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ කතා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වමින් මෝදි කියා සිටියේ, සාකච්ඡා මගින් ඉන්දියා–ඇමරිකා හවුල්කාරිත්වයේ අසීමිත විභවයන් මුදා හැරීමට මග පෑදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.