ඇෆ්ගනිස්ථානයේ (Afghanistan) නැගෙනහිර ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති අතර, එමගින් අවම වශයෙන් පුද්ගලයන් 600 දෙනෙකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.
මෙම භූ කම්පනය ඇෆ්ගනිස්ථාන වේලාවෙන් රාත්‍රියේදී, පොළොවේ සිට කිලෝමීටර 8ක් තරම් වූ නොගැඹුරු ගැඹුරකින් සිදු වී ඇති අතර, එය මතුපිටට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.
තලේබාන් (Taliban) රජයේ නිලධාරීන් පවසන්නේ, නිවාස සුන්බුන් යට පවතින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. විපතට පත් වූ ප්‍රදේශ දුරස්ථ කඳුකර ප්‍රදේශ වන අතර, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ළඟා විය හැක්කේ ගුවන් මාර්ගයෙන් පමණක් බව වාර්තා වේ.
මෙම භූ කම්පනයේ කම්පනය ඇෆ්ගනිස්ථානයේ කාබුල් (Kabul) සිට පාකිස්ථානයේ (Pakistan) ඉස්ලාමාබාද් (Islamabad) අගනුවර දක්වා කිලෝමීටර 300කට වඩා වැඩි දුරක් පුරා දැනී තිබෙන බව වාර්තා වේ. තලේබාන් රජය, මෙම බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වන ලෙස මානුෂීය සංවිධානවලින් ඉල්ලා තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.