කාම්බෝජ සමූහ ව්‍යාපාරයක නිර්මාතෘවරයෙකුට එරෙහිව දැවැන්ත cryptocurrency වංචාවක් සම්බන්ධයෙන් ඇමරිකානු රජය චෝදනා ගොනු කර ඇති අතර, මෙහිදී ඩොලර් බිලියන 14 කට වැඩි වටිනාකමකින් යුත් Bitcoin අත්අඩංගුවට ගෙන ඇත.
චූදිතයා සහ නම් නොකළ අනෙකුත් සම-කුමන්ත්‍රණකරුවන්, ආයෝජකයින් රැවටීම සඳහා බලහත්කාර ශ්‍රමය යොදා ගත් බවටත්, එම නීතිවිරෝධී ආදායම් යොදා ගනිමින් යාත්‍රා, පෞද්ගලික ජෙට් යානා සහ පිකාසෝ සිතුවමක් මිල දී ගත් බවටත් ඇමරිකාව චෝදනා කරයි.
Prince Holding Group හි සභාපති චෙන් ශි (Chen Zhi) නමැති 38 හැවිරිදි පුද්ගලයාට එරෙහිව බෘක්ලින් ෆෙඩරල් නඩු පවරන්නන් විසින් වයර් වංචා කුමන්ත්‍රණය (wire fraud conspiracy) සහ මුදල් විශුද්ධිකරණ කුමන්ත්‍රණය (money laundering conspiracy) යටතේ චෝදනා ගොනු කර තිබේ.
ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් චෙන්ගේ සමාගම වන Prince Holding Group වෙත සම්බාධක පනවා ඇති අතර, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව (Treasury Department) එය “දේශසීමා ඉක්මවා යන සාපරාධී සංවිධානයක්” (transnational criminal organisation) ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
සේවකයන්ට එරෙහිව හිංසනයට අවසර දීම, විදේශ නිලධාරීන්ට අල්ලස් දීමට බලය පැවරීම සහ නීතිවිරෝධී ලාභ විශුද්ධිකරණය සඳහා ඔන්ලයින් සූදුව සහ cryptocurrency mining වැනි ඔහුගේ අනෙකුත් ව්‍යාපාර භාවිතා කිරීම චෙන්ට එල්ල වන චෝදනා අතර වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.