ඇමරිකාවේ පළමු මස් අනුභව කරන පරපෝෂිතයා මිනිසෙකුගෙන් සොයා ගනියි

මිනිස් සිරුරේ මස් අනුභව කරන පරපෝෂිතයෙකුගේ (flesh-eating parasite) ආසාදනයක් (infestation) එක්සත් ජනපදයෙන් (US) ප්‍රථම වතාවට තහවුරු කර ඇති බව බලධාරීන් පවසනවා.

සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව (Department of Health and Human Services) පවසා ඇත්තේ, එල් සැල්වදෝරයේ (El Salvador) සිට එක්සත් ජනපදයට පැමිණි රෝගියෙකුගෙන්, ‘නිව් වර්ල්ඩ් ස්ක්‍රූවෝම්’ (New World screwworm – NWS) නම් පරපෝෂිතයෙකු සොයා ගත් බවයි. මෙම රෝගියාට මෙම තත්ත්වය වැළඳී ඇත්තේ අගෝස්තු 4 වනදා බවට තහවුරු වී ඇත.

NWS මයාසිස් (myiasis) යනු පරපෝෂිත මැස්සන් නිසා ඇති වන පණු කීටයන්ගේ (fly larvae) පරපෝෂිත ආසාදනයකි. මෙම පරපෝෂිතයා ප්‍රධාන වශයෙන් ගොවිපළ සතුන්ට බලපාන අතර, මහජන සෞඛ්‍යයට ඇති අවදානම ඉතා අඩු බව බලධාරීන් පවසයි.

මීට පෙර සතුන් තුළ මෙම පරපෝෂිතයා සොයා ගත්තද, ඇන්ඩෲ නික්සන් (Andrew Nixon) පවසා ඇත්තේ, මෙම රෝගියා, බලපෑමට ලක් වූ රටක සිට එක්සත් ජනපදයට පැමිණි මනුෂ්‍යයෙකුගෙන් සොයාගත් පළමු අවස්ථාව මෙය බවයි.

ජීව පටක (live tissue) අනුභව කරන මෙම විනාශකාරී පරපෝෂිතයා සාමාන්‍යයෙන් දකුණු ඇමරිකාවෙන් සහ කැරිබියන් (Caribbean) ප්‍රදේශයෙන් හමු වේ. එහි ව්‍යාප්තිය නතර කිරීමට දැරූ උත්සාහයන් නොතකා, මෙක්සිකෝව ඇතුළු සෑම මධ්‍යම ඇමරිකානු රටකම දැන් මෙම පරපෝෂිතයා වාර්තා වී තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top