එක්සත් ජනපදයේ (United States) නිවසකට වැටුණු උල්කාපාතයක් (meteorite) පෘථිවියට වඩා පැරණි බව විද්‍යාඥයෝ පවසති. නාසා (Nasa) ආයතනය තහවුරු කළේ, ජුනි 26 වන දින ජෝර්ජියා (Georgia) ප්‍රාන්තය හරහා ගමන් කරමින් තිබියදී එය පිපිරීමට ලක්වූ බවයි.
ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ (University of Georgia) පර්යේෂකයෝ මැක්ඩොනෆ් (McDonough) නගරයේ නිවසක වහලයට හානි කළ මෙම පාෂාණ කොටසක් පරීක්ෂා කළහ. ඔවුන් සොයා ගත්තේ, උල්කාපාතයේ වර්ගය අනුව, එය වසර බිලියන 4.56 කට පෙර සෑදී ඇති බවයි. එය පෘථිවියට වඩා වසර මිලියන 20කින් පමණ පැරණිය. මෙම ගිනි බෝලය (fireball) අහස හරහා ගමන් කරන විට, ජෝර්ජියා සහ අසල්වැසි ප්‍රාන්තවල පදිංචිකරුවෝ සිය ගණනක් එය දුටු බව වාර්තා කළ අතර, විශාල පිපිරුම් ශබ්දයක් ද ඇසී තිබුණි.
මෙම පාෂාණය ප්‍රමාණයෙන් සහ වේගයෙන් අඩු වුවද, තත්පරයකට කිලෝමීටර 1ක වේගයකින් ගමන් කර, හෙන්රි ප්‍රාන්තයේ (Henry County) නිවසක වහලක් විනිවිද ගොස් තිබේ. නිවසේ පදිංචිකරු පැවසුවේ, තවමත් නිවස අවට අභ්‍යවකාශ දූවිලි (space dust) කැබලි සොයා ගන්නා බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.