ඇමරිකාවෙන් යුක්‍රේනයට අවි සැපයුම් යළි ඇරඹේ

එක්සත් ජනපදය යුක්‍රේනයට හමුදා සැපයුම් නැවතත් ලබා දෙන බවත්, ලබන සතියේ එහි විශේෂ දූතයා වන කීත් කෙලොග් (Keith Kellogg) කියෙව් (Kyiv) වෙත යවන බවත්, යුක්‍රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) පවසා ඇත.

සිකුරාදා (ජූලි 11) සවස සිය රාත්‍රී දේශනයේදී යුක්‍රේන නායකයා පැවසුවේ, පෙන්ටගනයේ (Pentagon) සමහර අවි සැපයීම කෙටි කලකට නැවැත්වීමට ගත් තීරණයෙන් පසුව, එක්සත් ජනපද ආධාර නැව්ගත කිරීම් යථා තත්ත්වයට පත් කර ඇති බවයි. සෙලෙන්ස්කි වැඩිදුරටත් කියා සිටියේ, තම රට මිත්‍ර පාක්ෂිකයන් සමඟ “නව සැපයුම්, යුක්‍රේනයේ ආයුධ නිෂ්පාදනය වැඩි කිරීම සහ අපගේ හමුදාවට වඩා හොඳ සහයෝගයක් ලබා දීම” සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ජූලි මස මුලදී, ට්‍රම්ප් පරිපාලනය (Trump administration) යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල ඇතුළු ආයුධ නැව්ගත කිරීම තාවකාලිකව නතර කළේ, තමන්ගේම අවි ගබඩා ක්ෂය වෙමින් පවතින බවට ඇති වූ බිය හේතුවෙන් බව වාර්තා වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top