මලාවි (Malawi) සහ සැම්බියාවේ (Zambia) පුරවැසියන් සංචාරක හෝ ව්‍යාපාරික වීසා (tourist or business visa) සඳහා අයදුම් කරන විට ඩොලර් 15,000ක (පවුම් 11,300) තැන්පතුවක් ගෙවිය යුතු බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (US State Department) පවසයි.
වීසා කාලය ඉක්මවා රැඳී සිටීම හෝ තොරතුරු පරීක්ෂා කිරීම ප්‍රමාණවත් නොවන අවස්ථා මැඩපැවැත්වීම අරමුණු කරගත් මාස 12ක මෙම නියමු වැඩසටහන (pilot programme) ආරම්භ කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
මලාවි සහ සැම්බියාව හැර වෙනත් රටවල පුරවැසියන්ට ද ඉක්මනින් සමාන තැන්පතුවක් ගෙවීමට සිදුවනු ඇති බව නිලධාරීහු පවසති. මෙම මුදල එක්සත් ජනපදයේ සංචාරය අවසානයේදී ආපසු ගෙවනු ඇත.
නීතිවිරෝධී සංක්‍රමණය (illegal immigration) නැවැත්වීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද පරිපාලනය මේ වන විට පියවර කිහිපයක් ගෙන තිබෙනවා. ට්‍රම්ප් ඔහුගේ දෙවන ධුර කාලය ආරම්භ වූ පළමු දිනයේම මේ සඳහා විධායක නියෝගයකට අත්සන් තැබුවා.
2023 දී එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (US Department of Homeland Security) විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, මලාවි සිට පැමිණෙන සංචාරකයින්ගෙන් 14%ක් පමණ ඔවුන්ගේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින අතර, සැම්බියානු සංචාරකයින්ගෙන් 11%ක් ද එයට ඇතුලත් වේ. වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ ඉහළ අනුපාතයක් ඇති අනෙකුත් රටවල් අතරට හයිටි (31%), මියන්මාරය (27%) සහ යේමනය (20%) ඇතුළත් වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.