එක්සත් ජනපදයේ නිරිතදිග ඇරිසෝනා (Arizona) ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැන්‍යොන් (Grand Canyon) හි උතුරු දාරය ආසන්නයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් ඓතිහාසික ලොජ් (lodge) ගොඩනැගිල්ලක් සහ තවත් ගොඩනැගිලි ගණනක් විනාශ වී ඇති බව උද්‍යාන නිලධාරීන් පවසා ඇත.
ඉරිදා (ජූලි 13) දින ග්‍රෑන්ඩ් කැන්‍යොන් ජාතික වනෝද්‍යානයේ (Grand Canyon National Park) එම කොටසට ප්‍රවේශය වසා දැමීමට වනෝද්‍යාන නිලධාරීන්ට සිදුවිය. අධිකාරී එඩ් කේබල් (Ed Keable) පැවසුවේ, ග්‍රෑන්ඩ් කැන්‍යොන් ලොජ් ගොඩනැගිල්ල ගිනිදැල්වලට හසුවී ඇති බවයි. උද්‍යාන අමුත්තන්ගේ මධ්‍යස්ථානයක්, පෙට්‍රල් පිරවුම්හලක්, අපජල පවිත්‍රාගාරයක්, පරිපාලන ගොඩනැගිල්ලක් සහ සේවක නිවාස ද ඇතුළුව ගොඩනැගිලි 50ත් 80ත් අතර ප්‍රමාණයක් විනාශ වී ඇති බව ඔහු පවසා ඇත.
උතුරු දාරය ආසන්නයේ හෝ එහිම ලැව්ගිනි දෙකක් ඇවිලෙමින් පවතින අතර, ඒවා වයිට් සේජ් ෆයර් (White Sage Fire) සහ ඩ්‍රැගන් බ්‍රාවෝ ෆයර් (Dragon Bravo Fire) ලෙස හැඳින්වේ. ඩ්‍රැගන් බ්‍රාවෝ ෆයර් එක මගින් ලොජ් ගොඩනැගිල්ල සහ අනෙකුත් ගොඩනැගිලි විනාශ කර ඇත. ජූලි 4 වන දින අකුණු සැර වැදීමෙන් ආරම්භ වූ ඩ්‍රැගන් බ්‍රාවෝ ෆයර් මුලින් බලධාරීන් විසින් “සීමා කිරීමේ සහ පාලනය කිරීමේ” උපාය මාර්ගයක් යටතේ කළමනාකරණය කරන ලදී. කෙසේ වෙතත්, අධික උෂ්ණත්වය, අඩු ආර්ද්‍රතාවය සහ තද සුළං හේතුවෙන් එය වර්ග කිලෝමීටර් 20ක් (වර්ග සැතපුම් 7.8ක්) දක්වා වර්ධනය වූ බව ගිනි නිවන නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.