ආර්මේනියාවේ සහ අසර්බයිජානයේ නායකයෝ බ්‍රහස්පතින්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී සාම සාකච්ඡා පැවැත්වූහ. ආර්මේනියානු අගමැති නිකොල් පෂිනියන් සහ අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් සාම ගිවිසුම් කෙටුම්පතක් පිළිබඳව සාකච්ඡා කළ නමුත් කිසිදු ප්‍රගතියක් නිවේදනය කර නැත.
මෙම රටවල් දෙක 1980 ගණන්වල සිට නාගෝර්නෝ-කරබාක් කලාපය මුල් කරගෙන ගැටුම් ඇති කර ගෙන තිබේ. 2023 දී සිදු වූ කෙටි යුද්ධයකින් අසර්බයිජානය එම ප්‍රදේශයේ පාලනය නැවත ලබා ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් ආර්මේනියානු ජාතිකයින් ආර්මේනියාවට පලා ගියහ.
දෙපාර්ශවයම සෘජු සාකච්ඡා දිගටම කරගෙන යාමට සහ විශ්වාසය ගොඩනැගීමට එකඟ වී ඇති අතර ඔවුන් සාකච්ඡා දේශසීමා ගැටළු සහ සාම ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරන බව ද තහවුරු කළහ.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.