ආර්ථික අවිනිශ්චිතතාව මධ්‍යයේ සුරිනාමය සිය පළමු කාන්තා ජනාධිපතිවරිය තෝරා පත් කර ගනී.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් දකුණු ඇමරිකානු ජාතියට නායකත්වය දීම සඳහා, වෛද්‍යවරියක සහ නීති සම්පාදිකාවක වන 71 හැවිරිදි ජෙනිෆර් ගර්ලින්ග්ස්-සයිමන්ස් (Jennifer Geerlings-Simons), සුරිනාමය සිය පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස තෝරා පත් කර ගෙන ඇත.

 ඇයගේ මැතිවරණය සිදු වූයේ ජාතික සභාවේදී (National Assembly) සන්ධාන ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පසුවයි. එමගින් ඉරිදා (ජූලි 06) දින තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් ඇය තෝරා පත් කර ගැණුනි. මෙම පියවර ගනු ලැබුවේ මැයි මාසයේ පැවති අවිනිශ්චිත ඡන්ද විමසීම්වලින් පසුව වන අතර, දූෂණ අපචාර සහ දැඩි අරපිරිමැස්ම හේතුවෙන් චෝදනා ලැබූ වත්මන් ජනාධිපති Chandrikapersad Santokhi (චන්ද්‍රිකාපර්සාද් සන්තෝඛි) වෙනුවට නව නායකයෙකු පත් කිරීම සඳහා වැඩි එකගත්වයක පැවතුනි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (National Democratic Party) නායිකාව වන ගර්ලින්ග්ස්-සයිමන්ස් විරුද්ධත්වයකින් තොරව තරඟ කළ අතර, ජූලි 16 වන දින සිය ධුරය භාර ගැනීමට නියමිතයි. ආර්ථික දුෂ්කරතා, අඩු කරන ලද සහනාධාර සහ පුළුල් මහජන අසහනය හේතුවෙන් අරගල කරන රටක නායකත්වය, ඇය සමඟ ඇගේ උප ජනාධිපති ග්‍රෙගරි රස්ලන්ඩ් (Gregory Rusland) විසින් දරනු ඇත.

සන්තෝඛිගේ රජය IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) සහය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට සමත් වූ නමුත්, එහි දැඩි අයවැය කප්පාදු හේතුවෙන් දැවැන්ත විරෝධතා ද ඇති විය. 2028 වන විට සුරිනාමය අවට මුහුදේ තෙල් නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිත බැවින්, රාජ්‍ය මූල්‍ය ස්ථාවර කිරීමට ප්‍රමුඛත්වය දෙන බවට ගර්ලින්ග්ස්-සයිමන්ස් පොරොන්දු වී තිබෙනවා. කුඩා පරිමාණ රන් කැණීම්කරුවන්ගෙන් ඇතුළුව බදු එකතු කිරීම තීව්‍ර කිරීම මගින් ආදායම් ඉහළ නැංවීමට ද ඇය මීට පෙර ප්‍රතිඥා දී ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top