අසර්බයිජානය (Azerbaijan) සමඟ සම්බන්ධ වන, සැලසුම් කරන ලද මාර්ග කොරිඩෝව ආර්මේනියාවේ (Armenia) පාලනය යටතේ පවතිනු ඇති බව, ආර්මේනියානු අගමැති නිකොල් පෂීනියන් (Nikol Pashinyan) ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන්ට (Masoud Pezeshkian) පවසා තිබෙනවා. එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද සාම ගිවිසුමට ඇතුළත් කර ඇති මෙම ව්‍යාපෘතිය ඉරානය ප්‍රතික්ෂේප කරනු ඇතැයි ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම ප්‍රකාශය සිදු කර ඇත.
මෙම කොරිඩෝව දෙරට අතර නව ආර්ථික අපේක්ෂාවන් විවෘත කරන බවත්, ඉරානයේ සිට ආර්මේනියාව හරහා කළු මුහුද (Black Sea) දක්වා දුම්රිය මාර්ගයක් ලබා දිය හැකි බවත් ඔහු පවසා ඇත. “ජාත්‍යන්තර සාමය සහ සමෘද්ධිය සඳහා වූ ට්‍රම්ප් මාර්ගය” (TRIPP) ලෙස නම් කර ඇති මෙම භූමි කොරිඩෝව, හිටපු සතුරන් වූ ආර්මේනියාව සහ අසර්බයිජානය අතර මෙම මස වොෂින්ටනයේදී අත්සන් කරන ලද ගිවිසුමක කොටසකි.
මෙම ගිවිසුම යටතේ, අසර්බයිජානය එහි නක්චිවන් (Nakhchivan) දේශසීමාවට සම්බන්ධ කරන යෝජිත මාර්ගය සඳහා සංවර්ධන අයිතිය එක්සත් ජනපදය විසින් දරනු ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.