අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමට VPN භාවිතා කරන ළමුන් වැළැක්වීමට එංගලන්තයේ බලධාරීන්ට උපදෙස්

අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමට අන්තර්ජාල වාරණ (age checks) මඟ හැරීම සඳහා, අතථ්‍ය පුද්ගලික ජාල (VPNs) භාවිතා කරන ළමුන් වැළැක්වීමට රජය පියවර ගත යුතු බව, එංගලන්තයේ ළමා කොමසාරිස්වරිය (children’s commissioner) පවසා තිබෙනවා.

VPNs යනු සැබෑ ස්ථානය සඟවා, වෙනත් රටක සිට අන්තර්ජාලය භාවිතා කරන බවක් පෙන්වන මෘදුකාංගයකි. මෙමගින් අන්තර්ජාල ආරක්ෂණ පනතේ (Online Safety Act) අවශ්‍යතා මඟ හැරිය හැක. මෙම පනත යටතේ ඇතැම් වැඩිහිටි අන්තර්ගතයන් සහිත වේදිකා (platforms), පරිශීලකයින්ගේ වයස පරීක්ෂා කිරීම අනිවාර්ය කර ඇත.

VPNs වැඩිහිටියන් සඳහා නීත්‍යානුකූල මෙවලම් වන අතර, ඒවා තහනම් කිරීමට සැලසුම් නොමැති බව රජයේ ප්‍රකාශකයෙකු පැවසීය. පසුගිය වසර දෙක තුළ අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන දැක ඇති බව පැවසූ ළමුන්ගේ අනුපාතය ඉහළ ගොස් ඇති බව ළමා කොමසාරිස්වරියගේ නව වාර්තාවකින් අනාවරණය විය.

පසුගිය මාසයේ, PornHub, Reddit සහ X වැනි වෙබ් අඩවි වයස් සත්‍යාපනය (age verification) ඉල්ලා සිටීමෙන් පසුව, VPNs එක්සත් රාජධානියේ ඇපල් ඇප් ස්ටෝර්හි (Apple’s App Store) වැඩිපුරම බාගත කළ යෙදුම් (apps) බවට පත් විය.

VPNs, දුරස්ථ සේවාදායකයක් (remote server) භාවිතා කරමින් පරිශීලකයින් වෙබ් අඩවිවලට සම්බන්ධ කරන අතර, ඔවුන්ගේ සැබෑ IP ලිපිනය සහ ස්ථානය සඟවයි. මෙයින් අදහස් කරන්නේ, ඔවුන්ට ඇතැම් වෙබ් අඩවිවල හෝ අන්තර්ගතයන්හි ඇති බාධා මඟ හැරිය හැකි බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top