දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපවල පරිසරය වෙනස් කිරීමට ගෙන ඇති සැලසුම් අවදානම් සහගත බවත්, ඒවා සාර්ථක වීමට ඉඩක් නැති බවත්, පොසිල ඉන්ධන භාවිතය අත්හිටුවීමේ අවශ්‍යතාවයෙන් අවධානය වෙනතකට යොමු කළ හැකි බවත්, ධ්‍රැවීය විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත.
මෙම ධ්‍රැවීය භූ–ඉංජිනේරු ශිල්ප ක්‍රම (geoengineering techniques) මගින් මුහුදු අයිස් කෘත්‍රිමව ඝණ කිරීම හෝ වායුගෝලයට කුඩා, පරාවර්තක අංශු මුදා හැරීම වැනි සාම්ප්‍රදායික නොවන ක්‍රම මගින් පෘථිවිය සිසිල් කිරීම අරමුණු කරයි. කාබන් විමෝචනය අඩු කිරීමට අමතරව, ගෝලීය උණුසුම සමඟ සටන් කිරීමට අනාගත මෙවලම් ලෙස මේවා අවධානයට ලක්ව ඇත.
නමුත් පර්යේෂකයන් 40 කට වැඩි පිරිසක් පවසන්නේ, ඒවා දරුණු පාරිසරික හානියක් ගෙන දිය හැකි බවයි. ගෝලීය උණුසුම සීමා කිරීම සඳහා ඇති එකම ස්ථාපිත ක්‍රමය වන ශුද්ධ ශුන්‍ය (net zero) ඉලක්කයට ළඟා වීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ඔවුන් රටවල්වලින් ඉල්ලා සිටී.
ශුද්ධ ශුන්‍ය යනු මිනිස් ක්‍රියාකාරකම් මගින් නිපදවන ග්‍රහලෝකය උණුසුම් කරන හරිතාගාර වායු ප්‍රමාණය, වායුගෝලයෙන් ක්‍රියාකාරීව ඉවත් කරන ප්‍රමාණය සමඟ සමතුලිත කිරීමයි. ගස් සිටුවීම හෝ යන්ත්‍ර භාවිතය මගින් වායුගෝලයෙන් ග්‍රහලෝකය උණුසුම් කරන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම, ශුද්ධ ශුන්‍ය ඉලක්කයන්හි කොටස් ලෙස පිළිගැනේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.