අරමුදල් නොලැබුණහොත් බෙලූගා තල්මසුන් 30ක් මරා දමන බවට කැනේඩියානු උද්‍යානයක් අනතුරු අඟවයි

කැනේඩියානු උද්‍යානයක් වන මැරීන්ලෑන්ඩ් (Marineland) විසින් ඔක්තෝබර් 7 වන දින අවසන් වන විට ෆෙඩරල් රජයෙන් හදිසි අරමුදල් නොලැබුණහොත්, එහි සිටින බෙලූගා තල්මසුන් 30 දෙනා මරා දැමීමට (euthanise) සිදුවනු ඇතැයි අනතුරු අඟවා තිබේ.

මෙම සත්වෝද්‍යානය, එහි සිරගත කළ සතුන්ට සැලකීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක් වූ අතර, එය පසුගිය වසරේ මහජනතාව සඳහා වසා දමන ලදී. කෙසේ වෙතත්, එය තවමත් කැනඩාවේ අවසාන සිරගත කළ තල්මසුන්ගේ භාරකාරිත්වය දරන අතර, ඔවුන්ට දිගටම රැකවරණය දීමට සම්පත් නොමැති බව පවසයි.

පාර්ක් කළමනාකාරිත්වය පසුගිය සිකුරාදා ෆෙඩරල් රජයට ලිඛිතව දැනුම් දී ඇත්තේ ඔක්තෝබර් 7 වන විට මුදල් ආධාර ලබා නොදෙන්නේ නම්, ඔවුන්ට මරා දැමීමේ විනාශකාරී තීරණයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

මීට පෙර, මැරීන්ලෑන්ඩ් විසින් මෙම තල්මසුන් චීනයේ චිමෙලොන්ග් ඕෂන් කිංඩම් තේමා උද්‍යානයට යැවීමට කළ ඉල්ලීම ද කැනඩාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. 2019 වසරේ සිට මැරීන්ලෑන්ඩ්හිදී තල්මසුන් 20 ක් (එක් කිලර් තල්මසෙකු සහ බෙලූගා තල්මසුන් 19 ක්) මිය ගොස් ඇති බව වාර්තා වේ.මීට පෙර පරීක්ෂකවරුන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ, දුර්වල ජල තත්ත්වය හේතුවෙන් උද්‍යානයේ සිටින සියලුම සතුන් අසීරුතාවකින් (in distress) පසුවන බවයි.

කෙසේ වෙතත්, සිරභාරයේ ඇති දැඩි කරන ලද සමුද්‍ර ක්ෂීරපායින්ට දඩයම් කිරීමේ සහ සමාජ අන්තර්ක්‍රියා කුසලතා නොමැති බැවින්, පුළුල් සැලසුම් කිරීමකින් තොරව ඔවුන්ව නැවත වනගත කිරීමට නොහැකි බවට ඇතැම් විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top