අයිෆෝනයක් ඔස්සේ මෙහෙයුමකින්, සොරකම් කළ දුරකථන 40,000ක් චීනයට යැවූ ජාත්‍යන්තර ජාවාරම් කල්ලියක් අත්අඩංගුවට

ලොව විශාලතම ජාත්‍යන්තර ජංගම දුරකථන සොරකම් ජාවාරම් ජාලයක් විසුරුවා හැරීමට බ්‍රිතාන්‍ය පොලීසියට හැකි වී තිබේ. පසුගිය වසර තුළ සොරකම් කරන ලද ජංගම දුරකථන 40,000ක් පමණ එක්සත් රාජධානියේ සිට චීනයට සහ හොංකොං වෙත ජාවාරම් කළ බවට සැක කරන ජාත්‍යන්තර කල්ලියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම මෙට්‍රොපොලිටන් පොලීසිය (Metropolitan Police) විසින් දුරකථන සොරකම් සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ මෙතෙක් සිදු කළ විශාලතම මෙහෙයුම ලෙස නම් කර තිබේ. ඒ ඔස්සේ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරකම් කරන ලද දුරකථන 2,000කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම දැවැන්ත විමර්ශනය ආරම්භ වී ඇත්තේ පසුගිය වසරේ නත්තල් සැන්දෑවේදීය. තම සොරකම් කරන ලද අයිෆෝනය (iPhone) විද්‍යුත් මාර්ග ඔස්සේ සොයා ගත් එක් වින්දිතයෙක් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කළේය. මෙම අයිෆෝනය හීත්රෝ ගුවන් තොටුපළ අසල වූ ගබඩාවකට (warehouse) රැගෙන ගොස් ඇති බවට හෝඩුවාව ලැබි ඇත.

මෙම සියලුම දුරකථන පාහේ සොරකම් කරන ලද ඒවා බව නිලධාරීන් විසින් අනාවරණය කර ගත් අතර, ඒවා හොංකොං වෙත නැව්ගත කිරීමට සූදානම් කර තිබී ඇත.

විමර්ශන ප්‍රධානියා වන ඩෙට් ඉන්ස්පෙක්ටර් ගේවින් මහතා පවසා ඇත්තේ, මුල් දුරකථන තොගය සොයා ගැනීම මෙම ජාත්‍යන්තර ජාවාරම් කල්ලිය අනාවරණය කර ගැනීමේ ආරම්භක ලක්ෂ්‍යය වූ බවත්, ඔවුන් ලන්ඩනයේ සොරකම් කරන සියලුම දුරකථනවලින් 40% ක් දක්වා ප්‍රමාණයක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට විශ්වාස කරන බවත් ය.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top