අයිල් ඔෆ් වයිට් (Isle of Wight) හි හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් පසු, එක් පුද්ගලයෙකු සවුත්හැම්ප්ටන් (Southampton) හි රෝහලකට ගුවන් මගින් රැගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.
මෙම හෙලිකොප්ටරය දිවයිනේ දකුණු ප්‍රදේශයේ, වෙන්ට්නර් (Ventnor) නගරය අසල කෙතකට කඩා වැටී ඇති බව පොලිසිය පවසයි. ඇසින් දුටු සාක්ෂිකාරියක වන ලී ගෝල්ඩ්ස්මිත් (Leigh Goldsmith) පැවසුවේ, හෙලිකොප්ටරය නොපෙනී යන තුරුම එය සුළි ආකාරයෙන් පහතට යනු දුටු බවයි.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.