අභියාචනාධිකරණ තීන්දුව නොතකා සරණාගතයින් හෝටල්වල පදිංචි කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය පළාත් සභා දිගටම නඩු මගට

බ්‍රිතාන්‍යයේ පළාත් සභා කිහිපයක්, සරණාගතයින් හෝටල්වල පදිංචි කිරීමට එරෙහිව තවදුරටත් නඩු කටයුතු කරගෙන යන බව පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ, එංගලන්තයේ (England) ප්‍රධාන අභියාචනාධිකරණයක් (Court of Appeal) විසින් ඒ සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවක් නොතකායි.

පසුගිය සිකුරාදා (29) අභියාචනාධිකරණය විසින් The Bell Hotel හි සරණාගතයින් පදිංචි කිරීම වැළැක්වීමට එප්පින් (Epping) හිදී ලබා දී තිබූ තාවකාලික නියෝගයක් (temporary injunction) අවලංගු කරන ලදී.

මෙම තීන්දුවෙන් පසු, බ්‍රිතාන්‍ය පළාත් සභා දෙකක් කියා සිටියේ, ඔවුන් නඩු කටයුතු දිගටම කරගෙන යන බවයි. තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට (Supreme Court) අභියාචනයක් ඉදිරිපත් කිරීම ඇතුළු විකල්ප සලකා බලමින් සිටින බව එප්පින් පළාත් සභාව පවසා ඇත.

මේ අතර, සෙනසුරාදා එංගලන්තයේ එප්පින් ෆොරෙස්ට් (Epping Forest), ස්කෙග්නස් (Skegness) සහ ග්ලූසෙස්ටර් හි බාන්වුඩ් (Barnwood) ඇතුළු ස්ථාන කිහිපයක සරණාගතයින් හෝටල්වල පදිංචි කිරීමට විරුද්ධව විරෝධතා පැවැත්විණි. ස්කොට්ලන්තයේ ෆෝල්කර්ක් (Falkirk) නගරයේ සරණාගතයින් පදිංචි කර සිටින හෝටලයක් ඉදිරිපිට ද සිය ගණනක් ආගමන හිතවාදී සහ විරෝධී උද්ඝෝෂකයෝ රැස් වී ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top