අන්තර්ජාල ආරක්ෂණ පනතේ වයස් සීමා පරීක්ෂාවන් හේතුවෙන් App Store හි VPN යෙදුම් භාවිතය ඉහළට

අසභ්‍ය අන්තර්ගතයන් සහිත වෙබ් අඩවි සිකුරාදා (ජූලි 25) සිට පරිශීලකයින්ගේ වයස තහවුරු කිරීම ආරම්භ කිරීමෙන් පසුව, Virtual Private Network (VPN) යෙදුම් එක්සත් රාජධානියේ (UK) Apple App Store හි වැඩිපුරම බාගත කරන ලද යෙදුම් බවට පත්ව තිබෙනවා.

VPN මගින් මාර්ගගත ස්ථානය වසං කළ හැකි අතර, පරිශීලකයින් වෙනත් රටක සිටින්නාක් මෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට එය ඉඩ සලසයි. මෙයින් අදහස් කරන්නේ, පරිශීලකයින් අන්තර්ජාල ආරක්ෂණ පනතේ (Online Safety Act) අවශ්‍යතා මඟ හැරීමට ඒවා භාවිතා කරන බවයි. මෙම පනත යටතේ, ඇතැම් වැඩිහිටි අන්තර්ගතයන් පරිශීලකයින්ගේ වයස පරීක්ෂා කලයුතු බව සදහන් කර තිබුණි.

Virtual Private Networks (VPN) මගින් දුරස්ථ සර්වර් හරහා පරිශීලකයින් වෙබ් අඩවිවලට සම්බන්ධ කරන අතර, ඔවුන්ගේ සැබෑ IP ලිපිනය සහ ස්ථානය සඟවනවා. මෙයින් අදහස් කරන්නේ, ඔවුන්ට විශේෂිත අඩවි හෝ අන්තර්ගතයන් මත ඇති බාධක මඟ හැරිය හැකි බවයි.

සඳුදා (ජූලි 28) උදෑසන වන විට, එක්සත් රාජධානියේ Apple හි නොමිලේ යෙදුම් බාගැනීම් සටහන්වල යෙදුම් දහයෙන් අඩක්ම VPN සේවාවන් සඳහා වූ ඒවා බව පෙනී ගොස් ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top