හැරී පොටර් (Harry Potter) චිත්‍රපට මාලාවේ හර්මයිනි ග්‍රේන්ජර් (Hermione Granger) ලෙස රඟපෑ නිළි එමා වොට්සන් (Emma Watson), ඔක්ස්ෆර්ඩ්හි (Oxford) පැයට සැතපුම් 30ක වේග සීමාවක් සහිත කලාපයක, පැයට සැතපුම් 38ක වේගයෙන් නිල් පැහැති Audi රථයක් අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් මාස හයකට රියදුරු බලපත්‍රය තහනම් කර ඇත.
දැනට ශිෂ්‍යාවක් වන 35 හැවිරිදි වොට්සන්, බදාදා (ජූලි 16) හයි විකොම් මැජිස්ට්‍රේට් අධිකරණය (High Wycombe Magistrates’ Court) විසින් පවුම් 1,044ක මුළු දඩයක් නියම කර ඇත. මෙම නිළිය 2023 වසරේ සිට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ (University of Oxford) නිර්මාණාත්මක ලේඛන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී.
වොට්සන් 2001 වසරේදී හැරී පොටර් ඇන්ඩ් ද ෆිලෝසොෆර්ස් ස්ටෝන් (Harry Potter and the Philosopher’s Stone) චිත්‍රපටය නිකුත් කිරීමත් සමඟම, සම වයසේ ළමා තරු වන ඩැනියෙල් රැඩ්ක්ලිෆ් (Daniel Radcliffe) සහ රූපට් ග්‍රින්ට් (Rupert Grint) සමඟින් ජනප්‍රියත්වයට පත් විය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.