අධික ලෝහ මාලයක් පැළඳ සිටි පුද්ගලයෙක් MRI යන්ත්‍රයකට ඇදී ගොස් මිය යයි

වෛද්‍ය මධ්‍යස්ථානයකදී බරැති ලෝහ මාලයක් පැළඳ සිටියදී චුම්බක අනුනාද රූපකරණ (MRI – Magnetic Resonance Imaging) යන්ත්‍රයකට ඇදී ගොස් 61 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

නිව්යෝර්ක් හි ලෝන්ග් අයිලන්ඩ්හි (Long Island) වෙස්ට්බරි (Westbury) හි පිහිටි Nassau Open MRI හිදී මෙම පුද්ගලයා, MRI යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබියදී අවසරයකින් තොරව කාමරයට ඇතුළු වී ඇති බව Nassau ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුව පවසා ඇත.

එම මධ්‍යස්ථානයේ රෝගියෙකු ජෝන්ස්-මැක්ඇලිස්ටර්, ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මියගියේ තම සැමියා බවයි. ඇයගේ දණහිස සඳහා MRI පරීක්ෂණයක් කරමින් සිටි බවත්, පසුව නැගිටීමට උදව් කරන ලෙස තම සැමියාට කාමරයට එන ලෙස පැවසූ බවත්ය. ඇය පැවසුවේ, ඔහු බර පුහුණුවීම් සඳහා භාවිතා කරන රාත්තල් 20 (කිලෝග්‍රෑම් 9) දම්වැලක් පැළඳ සිටි බවයි.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයට (US Food and Drug Administration) අනුව, MRI යන්ත්‍රවල චුම්බක ක්ෂේත්‍ර ඇති අතර, ඒවා කුඩාම යතුරු, ජංගම දුරකථන සහ ඔක්සිජන් ටැංකි වැනි සියලු ප්‍රමාණයේ චුම්බක වස්තූන් ආකර්ෂණය කරයි.

MRI යන්ත්‍ර මගින් සවිස්තරාත්මක රූප නිපදවීම සඳහා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් භාවිතා කරයි. රෝගීන්ට සාමාන්‍යයෙන් MRI ස්කෑන් පරීක්ෂණවලට භාජනය වීමට හෝ යන්ත්‍රය අසලට යාමට පෙර ලෝහමය ද්‍රව්‍ය ඉවත් කර ඇඳුම් මාරු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top